දේශීය පුවත්

මෙරට ජීවත් වන සිංහල ජනතාවට වඩා පැරණි ඉතිහාසයක්‌ දෙමළ ජනතාවට තිබෙන බව උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇති බවත් එබඳු බොරු ඒ මහතා කෙසේ කියනවාද යන්න තමාට සිතාගත නොහැකි බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

ඊයේ(24) ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

උන්වහන්සේ එසේ පවසා සිටියේ සී. වී. විග්නේෂ්වරන් මහතා මෙරට ජීවත්වන දෙමළ ජනතාවට සිංහල ජනතාවට වඩා පැරණි ඉතිහාසයක්‌ තිබෙන බවට ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කර ඇති ප්‍රකාශය පිළිබඳව අදහස්‌ දක්‌වමිනි. ඒ පිළිබඳව තවදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

සිංහලයන්ට තරම් ඉතා පැහැදිලි, ඉතා දීර්ඝ ලිත ඉතිහාසයක්‌ වෙන කිසිදු ජාතිකයකට නෑ. මහාවංශය ඇතුළු ඉතිහාස ග්‍රන්ථවල තිබෙන්නේ එම ඉතිහාස තමයි. ඒ වගේම ශිලා ලේඛන, සිංහල අක්‍ෂර විකාශනය වී ඇති ආකාරය අනුවත් එම ඉතිහාසය ඉතා හොඳින් පැහැදිලි වෙනවා. මිහිඳු හිමියන් පවා සිංහල භාෂාවෙන් ධර්මය දේශනා කළ බව සඳහන් වනවා. මෙතරම් පැහැදිලි ඉතිහාසයක්‌ තිබියදී වෙනම රටක්‌ බිහිකිරීම සඳහා බොරු ගොතලා තියෙන විග්නේෂ්වරන්ලා මේ රටේ මහ ඇමැතිවරු ලෙස පත්වීම ශාපයක්‌.

විග්නේෂ්වරන්ලා මේ රටේ මහ ඇමැතිවරු ලෙස පත්වීම ශාපයක්‌ – බෙංගමුවේ නාලක හිමි

විග්නේෂ්වරන්ලා මේ රටේ මහ ඇමැතිවරු ලෙස පත්වීම ශාපයක්‌ – බෙංගමුවේ නාලක හිමි

Gepostet von Lanka Lead News am Dienstag, 24. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More