දේශීය පුවත්

විදුලි අංශයේ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයක් පිහිටුවා එහි ප්‍රධානියාට මාස 8 ක දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 200කට අධික මුදලක් ඩොලර් වලින් ගෙවීමට විදුලි බල ඇමති කාංචන විජේසේකර තීරණය කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්  පවසයි.

ආචාර්ය ප්‍රදීප් පෙරේරා එම තනතුර සඳහා දැනටමත් පත්කර ඇති බවත්, ඔහු 2001 රනිල්ගේ ආණ්ඩුවේ රිගේනින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සේවය කළ අයකු බවද ඔහු පවසයි.

මෙම ලේකම් කාර්යාලයේ සේවකයන්ගේ වැටුප් ඇතුලු අනෙක් වියදම් සඳහා ජපානයෙන් ඇ.ඩොලර් ලක්ෂ 3ක ණයක් ලබා ගැනීමට තීරණය කර ඇති බවත්, මෙම නාස්තිකාර වියදම ද අවසානයේ විදුලි පාරිභෝගිකයන්ගේ හිසමත හෙනයක් මෙන් පතිත වන බවත් එම ප්‍රවෘත්ති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More