දේශීය පුවත්

කොළඹ නගරයේ තිඹිරිගස්යායේ ඉතා වටිනා අක්කර 5කට (පර්චස් 877) අධික විශාල භූමි භාගයක පිහිටි ඉපැරණි මහල් නිවාස 112ක් හොර රහසේ, අමාත්‍ය මණ්ඩල තීරණ සහ නෛතික කොන්දේසි උල්ලංඝණය කරමින් විදෙස් ආයෝජකයකුට විකිණීමේ සැලසුමක් ගැන ‘මව්බිම’ අනාවරණය කර තිබේ.

මෙම අයථා ගනුදෙනුව පිටුපස මේ හා සම්බන්ධ වගකියන රාජ්‍ය ආයතනයක හිටපු සභාපතිවරයෙකු ද සිටින බව පැවසේ.

කොළඹ නගරයේ ජාතික වැදගත්කමක් සහිත මෙම භූමි භාගයේ පිහිටි නිවාස, 1942 ජාතික නිවාස කොමසාරිස් විසින් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ලබා දී තිබේ.

වර්ෂ 1987/88 යන කාල සීමාවේ මෙම නිවාසවල අයිතිය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාසවාසීන්ට පවරා දෙනු ලැබ ඇති අතර එම පැවරුම් කොන්දේසිවලට අනුව මෙම නිවාස ක්‍රමයේ එක් නිවාස හිමියෙකුට සිය නිවස විකුණනවා නම්, වර්තමානයේ විකිණිය හැකි වන්නේ රුපියල් මිලියන 20කට ආසන්න උපරිම මිලකට ය.

එසේ තිබියදී නිවාස හිමියන් 112 දෙනා ම ඒකමතිකව මෙම අක්කර 5කට වැඩි ඉඩම රුපියල් බිලියන 12කට ඇස්තමේන්තු කර එක් නිවාසයක් රුපියල් මිලියන 110කට මෙහිදී අලෙවි කිරීමට මෙරට තැරැව්කරුවන් කැමති කරගෙන ඇති බව ත් අදාළ තැරැව්කාර පාර්ශව සඳහා එක් නිවසකින් රුපියල් මිලියනය බැගින් මිලියන 112ක මුදලක් ලැබෙන පරිදි මෙම අයථා ගනුදෙනුව මේ හා සම්බන්ධ වගකියන රාජ්‍ය ආයතනයක හිටපු සභාපතිවරයෙකුගේ මූලිකත්වයෙන් සැලසුම් කොට ඇති බව ද සඳහන් වේ.

මීට පෙර අවස්ථාවක ද, එනම් 2017දී මෙවැනි ම තත්ත්වයක් මතු වූ අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම ඉඩම රජයේ හිමිකාරිත්වයක් (Government Interest) පවතින භූමියක් ලෙස අර්ථ නිරූපණය කරනු ලැබ ඇත.

එම ප්‍රශ්නකාරී අවස්ථාවේදී නිවාස අමාත්‍යාංශය මැදිහත්ව මෙම නිවාස ක්‍රමයේ සියලු කරුණු එම වර්ෂයේ දීම අධ්‍යයනය කර මෙම මහල් නිවාස ප්‍රතිසංවර්ධනය සඳහා අංක 42/2017 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලැබී තිබේ.

එම අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කටයුතු කරනවා වෙනුවට අයථා ලෙස යළිත් මෙම මහල් නිවාස සංකීර්ණයේ නිවාස 112ම, අමාත්‍ය මණ්ඩල තීරණ සහ නෛතික කොන්දේසි උල්ලංඝණය කරමින් මෙලෙස විදෙස් ආයෝජකයෙකුට මෙම ඉඩම විකිණීමට කටයුතු කරමින් සිටී.

ප්‍රතිසංවර්ධනයට මුවා වෙමින් මෙම දූෂිත ගනුදෙනුව සිදු කරමින් පවතින බවයි ‘මව්බිම’ට කරුණු අනාවරණය කරන්නේ. ඒ අනුව රජයේ ඉඩමක පවතින මෙම මහල් නිවාසයේ නිවාස 112ම එකවර විදෙස් ආයෝජකයාට ලබාදීමට ඔවුන් උත්සහ දරන බව ද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More