දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 66ක මුදලක් වියදම්කොට ලබාගත් කොවිඩ් 19 එන්නත් මිලියන 42කට අදාළ තොරතුරු විගණනය සදහා ලබාදී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම එන්නත් මිලදි ගෙන ඇති අවස්ථා ගණන, ප්‍රසම්පාදන ලබාදුන් ආකාරය, ලංසුකරුවන් සංඛ්‍යාව , ලංසුකරුවන් තෝරාගැනිමේ පදනම ආදි තොරතුරු විගණනය සදහා ඉල්ලා සිටියද එම තොරතුරු රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව විසින් ලබාදි නොමැති ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

කොවිඩි 19 එන්නත් මිලදි ගැනිමේ දි ප්‍රසම්පාදන මාර්ගගෝපදේශ පිළිපැදිම පිළිබද සැහිමකට පත්විය නොහැකි බවත් එන්නත් මිලදි ගැනිම සම්බන්දයෙන් ඇතැම් තොරතුරු විගණනය සදහා ලබාදි නොතිබු බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එන්නත් ඇතුළු සැම මිලදි ගැනිමක් සදහාම ප්‍රසම්පාදන, මාර්ගෝපදේශ අනුගමනය කළයුතු අතර ඖෂධ සදහා කාර්යක්ෂම බඩුතොග පාලන ක්‍රමයක් හදුන්වා දිය යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More