දේශීය පුවත්

1953 වසරේදී මෙරට පැවැත්වුණු මහා හර්තාලයේ 70 වැනි සංවත්සර සැමරුම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,6 වැනි විධායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් 2023 අගෝස්තු මස 12 වැනිදා කොළඹ,මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා විසිනි.

1953 හර්තාලය අතරතුරදී මරාදැමුණු ” හර්තාල විරුවන්” සිහිකර පුෂ්පෝපහාර දක්වමින් සැමරුම් උත්සවය ආරම්භ කෙරිණ.

සැමරුම් උත්සවය සදහා එක්ව සිටි පිරිස පිළිගනිමින් 70වැනි හර්තාල් සැමරුම් කමිටුවේ කැඳවුම්කරු,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ වර්තමානයේද රට ඇදවැටී තිබෙන්නේ 1953 මහා හර්තාලය ක්‍රියාත්මකවූ සමයේ පැවති තත්ත්වයට සමාන තත්ත්වයකට බවය.පසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පළායාමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩිකරවීම ඓතිහාසික වරදක් බවත්,1953දී සිදුවූවාක් මෙන්,මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් මුදවාගෙන රට ගොඩගැනීම වගකීම වාමාංශික නායකයන් ඇතුළුව රටේ සියලුම ප්‍රගතිශීලී බලවේගවල වගකීමක් බවත්ය.

වර්තමානය වනවිට මෙරට අනත දුගී කම්කරුවාගේ සිට ඉහළම ධනවතුන් දක්වා ආදායම් විෂමතාවය ඉහළ ගොස් ඇති බවත්,1953 හර්තාලයේදී ලැබූ අත්දැකීම්ද ඇතුළුව,රටට නිදහස හිමිවූ දා සිට මේ දක්වා ලද අත්දැකීම් උපයෝගී කරගනිමින්,වඩාත් යහපත් හෙට දවසක් උදාකරගැනීමේ අභියෝගයට මෙරට සියලුදෙනා වර්තමානයේ මුහුණදෙමින් සිටින බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,6 වැනි විධායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

1953දී සිදුවූයේ ජනතාව අතරින්ම සිදුවූ නැගිටීමක් බවත්,මෙරට ජාතික ආර්ථිකයක් ගොඩනැගීම සදහා මගපෙන්වීම ඇතුළු රටේ හැරවුම් ලක්ෂ රැසකට 1953 මහා හර්තාලය හේතු පාදකවූ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා සදහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රට සෑම අංශයකින්ම අගාධයකට ඇදදමින් සිටින බවත්,ඊට එරෙහිව එක්ව නැගීසිටිමින් රට ගොඩනගන නිශ්චිත වැඩපිළිවෙලක් සකස්කර ගැනීම රටේ සියලුම දේශප්‍රේමී බලවේගවල වගකීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියාසිටියේය.

ජනමතයක් නැති වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ප්‍රගතිශීලී බලවේගවල සහභාගිත්වයෙන් පුළුල් එකමුතුවක් ගොඩනැගීම සදහා වන වේදිකාව 70වැනි හර්තාල් සැමරුම් උත්සවයේදී සකස්වූ බව නිදහස ජනතා සභාවේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

සම සමාජ පක්ෂය නියෝජනය කරමින්,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සදහන් කළේ 1953 අරගලයෙන් උගත් පාඩම් අදට ගැළපෙන පරිදි යොදාගනිමින් වත්මන් පාලනය වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවය.

සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමයේ සභාපති,රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නායක ශාන්ත ප්‍රිය,ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති ඩී.විජේතුංග යන මහත්වරුද උත්සව සභාව ආමන්ත්‍රණය කළහ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා විසින් 70වැනි හර්තාල් දින සැමරුම් යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්.පීරිස්,මහාචාර්ය චරිත හේරත්,ඩිලාන් පෙරේරා ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ යන මහත්වරු ඇතුළුව ජනතා නියෝජිතයන්,වෘත්තීය සමිති නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම 70වැනි හර්තාල් දින සැමරුම් උත්සවය සදහා එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More