දේශීය පුවත්

රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සිදුකරන විනය විරෝධී ක්‍රියා පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් නිහඬ විරෝධතාවක නිරත වී ඇත.

රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් විසින් අද (16) දිනයේ ක්‍රියාත්මක කර ඇති සංකේත වැඩවර්ජනයට සමගාමීව විරෝධතාව සංවිධානය කර ඇති බව සඳහන්ය.

විරෝධතාවට එක්වෙමින් අදහස් දැක්වු රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය ධර්මසිරි දිසානායක මහතා පැවසුවේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේ දී අධ්‍යන කටයුතුවලින් ඉවත් වන බවය.

“මේ විශ්වවිද්‍යාලයේ බහුතරයක් සිසුන් විනයගරුක, නීතිගරුක සිසුන්. විශ්වවිද්‍යාලයට ආපු අරමුණ ඔවුන් ඉටුකර ගැනීමට සමත්වෙලා තියෙද්දි සුළු මැර ශිෂ්‍ය කණ්ඩයමක් විසින් මේ සියල්ල දියත් කරනවා.

බහුතරයක් සිසුන් වසර 4කින් පිටවෙලා යනවා. සමහර සිසුන් කිහිපදෙනෙක් ඉන්නවා ඔවුන් විශ්වවිද්‍යාල තුළ රැඳී සිටීමට විශ්වවිද්‍යාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට වෙර දරනවා. විභාග පාස් නොවී ඉන්නේ විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටීමට. සුළු පිරිසක් නිසා විශ්වවිද්‍යාලයට ලොකු හානියක්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More