දේශීය පුවත්

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තක්සේරු කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

දිවයිනම ආවරණය වන පරිදි මෙම තක්සේරු සිදු කෙරෙන අතර ඒ සඳහා යොදවා ඇති කණ්ඩායම් ගණන 25කි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදු කළ තක්සේරු කිරීම්වලට අනුව ඊයේ දිනය වන විට වී වගාවට වැඩිම හානි සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය.

එම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 19,388 කට හානි සිදුව ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 22,357කි.

දෙවැනියට වැඩිම වගා හානියක් සිදුව ඇත්තේ උඩවලව කලාපයට බව හඳුනාගෙන තිබේ.

එහි කුඹුරු අක්කර 10,125 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 4050 කි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ තක්සේරු කිරීම්වලට අනුව වැඩිම හානි සිදුව ඇති වී වගා බිම් කලාපය වන්නේ මහවයි.

මහව කලාපයේ අක්කර 8,008 කට නියඟයෙන් හානි සිදුව ඇති අතර පුත්තලමේ අක්කර 818 කටත්, රත්නපුරයේ අක්කර 636 කටත්, මාතර අක්කර 629 කටත්, හම්බන්තොට අක්කර 541කටත්, මඩකලපුවේ අක්කර 528 කටත්, නුවරඑළියේ අක්කර 491 කටත් හානි සිදුවී ඇතැයි තක්සේරු වාර්තාවේ සඳහන්ව තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ ඊයේ දිනය වන විට මෙලෙස දිවයිනපුරා අක්කර 37,101 ක වී වගා කළ ගොවීන් 32,967 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි හඳුනාගෙන ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More