දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණදීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව චීනය යළිත් අවධාරණය කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ වෑන් යී මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

චීනය ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි ලෙස කැපවන බවත්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් පසු වන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

චීනයේ යූනාන් පළාතේ කුන්මින්හී පැවැත්වෙන 07 චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවේ වෑන් යී මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩි දියුණු කිරීමටත් දරිද්‍රතා උගුලෙන් මිදීමටත් කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමටත් චීනය උපකාර කරන බව ඔහු එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More