වැඩි මිල ගණන්වලට ඖෂධ මිලදී ගැනීම, ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙනඒම ඇතුළු සෞඛ්‍ය අංශයට චෝදනා රැසක් එල්ල වී තිබෙන මොහොතක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා (SPC) සභාපති ඉංජිනේරු සරත් ලියනගේ මහතා හදිසියේ එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
සිව් වතාවක් මෙම සංස්ථාවේ සභාපති තනතුරට පත්වූ ඒ මහතා ඉල්ලා අස්වී ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයා කළ දැනුම්දීමකට පසුවය.
ඉන්සියුලින්, ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීම් මෙන්ම ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙනඒම සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති, අදාළ ගනුදෙනුවලට සම්බන්ධ සෞඛ්‍ය ඇමැති, සෞඛ්‍ය ලේකම් හා නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ඉල්ලා සිටින මොහොතක ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ඉල්ලා අස්වීම ආන්දෝලනයකට තුඩු දී තිබේ.
ඖෂධ සංස්ථා නව සභාපති ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර ඇති අතර සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම පත්කිරීම සිදුකර තිබේ.
මේ අතර, රුපියල් කෝටි දහයක පාඩුවක් සිදුවන පරිදි අක්‍ෂි කාච තොගයක් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (16 දා) පරික්‍ෂණයක් ආරම්භ කර ඇත.
සෞඛ්‍ය වෘත්තීය සමිති කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම අක්‍ෂි කාච තොගය මිලදී ගැනීමට අදාළව ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ඊට අත්සන් තැබූ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්ගෙන් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...