දේශගුණ සහ කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව රටක් ලෙස කිසිදු පියවරක් ගෙන නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි.
අප දේශගුණ කාලගුණ විපර්යාස පැමිණෙන බව දැන දැනත් ඒවාට කිසිදු පියවරක් නොගන්නා ජාතියක් බවත් දේශපාලනය මේ පිළිබඳව දක්වන නොසැලකිලිමත්භාවය ගැටලුව උත්සන්න කිරිමට හේතුවූ බවත් ඇය සඳහන් කරයි.
ජලය කළමනාකරණය කිරීම සඳහා නිසි පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණදීමට රටේ ජනතාවට සිදුවන බවද පවසන මහාචාර්යවරිය, කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ලංකාවේ විධිමත් ආකාරයට පරීක්ෂණ සිදු නොවන බව ද පවසයි.
දේශගුණ කාලගුණ විපර්යාසවලට මුහුණ දීමට රටේ කිසිදු සැලසුමක් නැති බව හා දේශපාලනයටද ඒ පිළිබඳව වගවීමක් නැති බවත් ඇය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...