මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා සහ යාල උද්‍යානය භාර නිළධාරි මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි.
වන සතුන් බහුලව ගැවසෙන යාල ජාතික උද්‍යානය ඇතුළු රක්ෂිත සීමාවන්හි වැව්, ජලකඩිති සිදීගොස් ඇති නිසා ජලය සොයා යන වනසතුන් ඉලක්ක කර ගනිමින් සිඳී ගිය ජල කඩිති වලට සහ කුඩා වලවල් හාරා ඉටි බෑග් තුලට ජලය පුරවා ඒවාට කෘෂි රසායනික ද්‍රව්‍ය මිශ්‍රකොට වනසතුන් මරා දඩමස් ජාවාරම ඉතා සරුවට සිදුකරන බවත් වනජීවි නිළධාරීහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...