අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉදිරි සතියේ මෙරට සංචාරයකට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් එළඹෙන 20 වන දින මෙරට සංචාරය කිරීමට නියමිත බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.
ඉන්දියාවේ බැංග්ලෝර්හි පැවැත්වෙන ජි-20 ඩිජිටල් ආර්ථික අමාත්‍ය රැස්වීමේ අමෙරිකානු ප්‍රධානියා ලෙස ඔහු අද (17) දිනයේ සිට ලබන 20 වන දින දක්වා ඉන්දියාවේ ද සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
මෙම සංචාරයේ දී ඔහු රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමග සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...