දේශීය පුවත්

13 වැනි සංශෝධනය ගෙන ආවේ කුමක් නිසාද යන්න පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරන දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ බවත්, ආර්. සම්බන්ධන් මහතා සහ තමා පාර්ලිමේන්තුවට පත් වූයේ එකට බව හා දෙදෙනාටම පොදුවූ සිහිනයක් ඇති බව පවසමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් මෙරට තුළ නිර්මාණය කිරීමේ එම සිහිනය ප්‍රකාශිත වූ බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(17) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ අදහස් පළ කළේය.

කළින් වතාවේ එම සිහිනය බොඳ වූ බවත් මේ වතාවේ කෙසේ හෝ උතුරු නැගෙනහිර එක්කළ පූර්ණ ෆෙඩරල් රාජ්‍යක් බහිකරන බව ජනාධිපතිවරයා එහිදී පැවසූ බවත් ඒ මහතා හෙළිකරයි.

ආර්. සම්බන්ධන් මහතා ද අවස්ථා ගණනාවක දී ප්‍රකාශකර ඇත්තේ උතුරු නැගෙනහිරට පූර්ණ බලතල ලැබිය යුතු බව හා එම පළාත් දෙක තමන්ගේ පාලනයේ පැවතිය යුතු බව යැයි ද තිරාණගම මහතා පෙන්වා දෙයි.

සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ආරක්ෂව, විදේශ සබඳතා, මුදල් හා මූල්‍ය පාලනය, ආගමන විගමන යන බලතල මධ්‍යම ආණ්ඩුව තබා ගනිමින් අනෙක් සියලු බලතල එම පළාත් ආණ්ඩුවට ලැබිය යුතු බව යැයි පවසන තිරාණගම මහතා, සම්බන්ධන්ලා ඉල්ලා සිටින්නේ ඉන්දියාවේ හෝ ලෝකයේ වෙනත් කිසිඳු තැනක නැති ආකාරයේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යක් බව ද හෙළිදරව් කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More