Notice Board

ලෝකයේ අර්බූදය සහ අපේ අර්බූදය නම් මාතෘකාව යටතේ නව ගෝලීය ප්‍රවනතා තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳව කෙරෙන විද්වත් සාකච්ඡාවක් අගෝස්තු මස 24 වනදා සවස 03:30ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාගේ ප්‍රධාන දේශනයෙන් යුක්තව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගේ ආරාධිත දේශනයෙන් යුක්තවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ සමාප්ති දේශනයෙන් යුක්තව පැවැත්වෙන සාකච්ඡාව වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා විසින් මෙහෙයවනු ලබන්නේය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතාගේ අරමුණු පැහැදිලි කිරීමෙන් යුතුව පැවැත්වෙන මෙම සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව සහ ඕස්ට්‍රේලියාවේ SPUR සංවිධානය අනුග්‍රහය දක්වති. මෙම උත්සවයට සහභාගි වන ලෙස සියලු දෙනාටම සංවිධායක මණ්ඩලය විසින් ආරාධනය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More