“ආණ්ඩුව පටන්ගෙන තිබෙනවා “ගම් පෙරලිය” කියලා එකක්. ඇත්තටම දැන් ගම් ටික පෙරලන්න දෙයක් නෑ… පෙරලා තියෙන්නේ. ගමේ, ජනතාවගේ ආර්ථිකය විනාශ කරලා තියෙන්නේ පෙරලිලා ඉන්න ජනතාව වල දාන්න විතරයි ආණ්ඩුවට තියෙන්නේ” යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසනවා. ඒ ඊයේ (24) වැලිකඩවත්ත කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අවුරුදු තුන හමාරක් ආණ්ඩු කරලා ඡන්දයක් ලං වෙනකොට තමයි අගමැතිට ගම් පෙරලිය මතක් වෙලා තිබෙන්නේ. ජනාධිපති තවත් පෙරලියක් කරගෙන යනවා. මේ දෙකෙන්ම ජනතාවට දෙයක් වෙලා නෑ. ගමේ ආර්ථිකය බිංදුවට වැටිලා තිබෙන්නේ. අද උගස් ගන්නා ස්ථානවලට ගියහම වැඩිම උගස් ගන්නා කාලයක් තමයි උදා වෙලා තිබෙන්නේ. මේ වගේ වැඩ කරන් යනවනම් කවදාවත් ආර්ථිකයේ දියුණුවක් දකින්න ලැබෙන්නේ නෑ” යැයි පැවසීය.
colombo today
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...