රටේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල මූලාශ්‍රයන් හි ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බැවින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් බෙදාහරිනු ලබන ජලය අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පවසයි.
කොල්ලුපිටියේ පිහිටි වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ඇය මේ බව සඳහන් කළාය.
මේ වන විට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජලය බෙදාහරිනු ලබන ජල මූලාශ්‍ර 344 ක මුළු ප්‍රමාණයන් හතළිස් දෙකක් අවදානමකට ලක්ව ඇති බවත් ඒ නිසා සමස්තය ජල නිෂ්පාදන ධාරිතාවයෙන් සියයට 9 ක් අඩුවීමක් ඇති බවත් ඇය සඳහන් කරයි.
මේ වන විට ජල සම්පාදන මණ්ඩලය ජල සම්බන්ධතා විසි නම ලක්ෂ හැට දහසක් ලබා දී ඇති බවත් ඉන් සම්බන්ධතා 54,580 ක් අවදානමකට ලක්ව ඇති බවත් ඇය කීවාය. එසේම තවත් ජල සම්බන්ධතා 58866ක් අවදානමට ලක් විය හැකි බව ද කළුආරච්චි මහත්මිය පවසයි.
හම්බන්තොට, කුරුණෑගල, බණ්ඩාරවෙල, මොනරාගල, මහනුවර, අම්පාර, අනුරාධපුරය, මාතර, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක 10 තුළ ඇති ජල මූලාශ්‍රය මෙසේ අවදානමකට ලක්ව ඇති බව ද ඇය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...