වී අලෙවි මණ්ඩලය සන්තකයේම ඇත්තේ සතියකට ප්‍රමාණවත් වී තොග පමණකැයි වී අලෙවි මණ්ඩල සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.
වී ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්‍ෂා කිරීම සඳහා පිහිටුවා තිබෙන වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙසට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් පත්‍රිකා නවයක් ඉදිරිපත් කළත් තාමත් මුදල් නොලැබුණු බවද සභාපතිවරයා පවසයි.
වී අලෙවි මණ්ඩලය සතුව රට පුරා වී ගබඩා තුන්සීය පනස්හයක් තිබුණත් දැනට වී අලෙවි මණ්ඩලය සන්තකයේම ඇත්තේ වී කිලෝ ලක්‍ෂ හතළිස් පහක් පමණකි.
මෙරට වැඩිම අස්වැන්නක් ලැබෙන මහ කන්නයේදී වී මිලදී ගැනීමට අලෙවි මණ්ඩලයට මූල්‍ය ප්‍රතිපාදන ලබානොදුන් බවද, ඊට හේතු වූයේ අඩු ආදායම් ලාභීන්ට සහල් කිලෝ විස්ස බැගින් බෙදාදීම සඳහා රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය යැයි ද ඒ මහතා සඳහන් කරයි.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිසාපතිවරුන් මහ කන්නයේ වී මිලදී ගත් බවත්, මහකන්නයේ වී අස්වනු වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගෙන ගබඩා කළේ නම් වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ තුනක් ගබඩා කරන්නට හැකියාව තිබූ බවත් ඒ මහතා පවසයි.
කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලය මගින් ගොවි භාර අරමුදලින් රුපියල් මිලියන පන්සියයක ණයක් ලබාගෙන වී කිලෝ ලක්ෂ 45ක් ගබඩා කරගත් බව පවසන සභාපතිවරයා එය ප්‍රමාණවත් වන්නේ සතියක කාලයකට පමණක් බව ද සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...