දේශීය පුවත්

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා, සජිත් ප්‍රේමදාස මහතා ඈඳා ගනිමින් එක්තරා නාට්‍යයක් රඟ දක්වමින් සිටින බවත්, මෙය පොදු එකඟතාවකින් ද නොඑසේ නම් අවබෝධයකින් තොරව සිදුවන දෙයක් ද යන්න පැහැදිලි නැතත් දෙදෙනාම බලය බෙදීම සම්බන්ධයෙන් එකම ආකාරයේ කතා පවසන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බවණ්ඩාර මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ඔහු විසින් 2017 දී ව්‍යවස්ථා සම්පාදක සභාවට ඉදිරිපත් කළ වර්තාව යොදාගනිමින් මෙම ප්‍රශ්නය විසඳීමට ක්‍රියාකරන බව හා මධ්‍යම පරිධීය සබඳතා පිළිබඳ වාර්තාව ඒ සඳහා යොදාගන්නා බව යැයි ද, එම මෙහෙයුම් කමිටු වාර්තාවේ ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තිය සශෝධනය කරමින් ඒකීය යන වචනය වෙනස් කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

එමගින් උත්සාහ දරන්නේ දේශපාලනය නොතේරෙන ජාතික බලවේග එයට විරෝධය පළකරමින් ජනතාව පෙළ ගැස්වීම බලාපොරොත්තුවෙන් බවත්, ජනතාව මෙයට විරුද්ධ වීමේ දී ඒකීය වචනය වෙනස් නොකරන බව හා ඒකීය රාජ්‍යයක බලය බෙදන බව පමණක් ප්‍රකාශ කිරීම මගින් ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවත්, මෙසේ ඒකීය රාජ්‍යය වෙනස් කරනවා කියා මතයක් ගොඩ නගා පසුව එය නොකර 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට රජය සැරසෙන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා, තිස්ස අත්තනායක මහතා වැනි අය ඒකීය රාජ්‍යයක බලය බෙදීමකට එකඟ බව පවසන්නේ ද මේ නිසා බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(17) පැවැත්වූ මාධ්‍ය හමුවේ දීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More