මහා පරිමාණ ගිනි තැබීම් හේතුවෙන් කැලෑ අක්කර විසිපන් දහසකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ම දැවී අළුවී ඇතැයි පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.
මේ අතර, පසුගිය දිනවල දිගින් දිගට ම කැලෑ ගිනි තැබීම් සිදුවූයේ වන ඉඩම් බලෙන් හා නීති විරෝධී අයුරින් අත්පත් කර ගැනීමට යැයි පරිසරවේදීහු චෝදනා කරති.
මේ ගිනි තැබීම් සියල්ල කෘත්‍රිමව ඇති කළ ගිනි මිස ලැව් ගිනි නොවන බවත්, ගෙවුණු මාස දෙකේදී පමණක් කැලෑ ගිනි තැබීම් එකසිය හැටක් පමණ වාර්තා වූ බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසයි.
ලැව් ගිනි තත්ත්වයක් මෙරට නොමැති නිසා මේ සියල්ල ම පාහේ මිනිසුන් ඇති කළ කෘත්‍රිම ඒවා බව ද ඔහු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...