දේශීය පුවත්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාම උප ජනාධිපතිවරයා අතර චීනයේ පැවති ද්විපාර්ශ්වික හමුවකදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට වියට්නාම රජයේ එකඟතාව පළවී තිබේ.

චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාමයේ උප ජනාධිපති ‘ට්‍රාන් ලු ක්වාං’ මහතා අතර මෙම හමුව පවත්වා ඇත.

එහි දී දෙරට අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දැනට පවතින හවුල් ව්‍යාපාරවලට අමතරව නව වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳ සොයාබලන ලෙස අග්‍රාමාත්‍යවරයා සිදුකළ ඉල්ලීමකට වියට්නාම උප ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම වියට්නාමයේ ආයෝජනයෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් වෘත්තිකයන්ට සහ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා උදාවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දී තිබේ.

තේ, පොල්, රබර්, ධීවර, විකල්ප බලශක්ති සහ පතල් කැණීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කෘෂිකර්මාන්තයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවල දී අවධානය යොමුවූ බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More