දේශීය පුවත්

එස්.බී තීරණයක් ගනියි

July 25, 2018 1:38 pm | Lanka Lead News

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිමින් ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධ වී කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක තීරණය කර තිබේ.

ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන මන්ත‍්‍රීවරුන්ට මෙන්ම තමාටද ඒකාබද්ධ විපක්ෂයේ මීළග රැස්වීමට ආරාධනා කිරීමට එහි පක්ෂ නායකයින් ඊයේ (24)තීරණය කර ඇති බැවින් මෙම තීරනය ගත් බව දිසානායක මහතා පවසයි.

මේ අතර ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් පිහිටුවන නව සන්ධානය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පොහොට්ටුව ලකුණ යටතේම ඉදිරියටත් මැතිවරණ සඳහා තරග වැදීමට ද එහිදී අවසන් එකඟතාවකට පැමිණ තිබෙන බව එම ආරංදිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මෙම නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වන අතර එහි තනතුරු බෙදාදීම සම්බන්ධයෙන් ද ඊයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි වාර්තා වෙයි.

ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා කර ඇති අතර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් අගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව සැප්තැම්බර් 05 වැනිදා දක්වා කල් දැමීමට ඊයේ රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More