ලබන වසර අවසාන වනතුරු වත්මන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකි ක්‍රමවෙිදයක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුකාරවරයා සමඟ එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.
පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබූ අතර, ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වලක්වා ගැනීම සඳහා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සකසන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...