2023 අගෝස්තු 12 දිනට 70 වසර පිරෙන හර්තාලයේ අමිහිරි මතකයන් ඇති අය සිටී නම් ඒ අතලොස්සකි. බ්‍රිතාන්‍යයන්ගෙන් පසු ලංකාවේ ප්‍රථම කම්කරු අරගලය මෙයවේ.
එවකට මුදල් ඇමති J.R. ජයවර්ධන , අගමැති ඩඩ්ලි සේනානායක.
1951වන විට රු.මිලියන 345 ක් වූ වාසිදායක වෙළද අතිරික්තය 1953 වන විට මිලියන 200 හිගයක් බවට පත්විය. විදේශ වත්කම් මිලියන 1209 සිට 50% කින් අඩුවිය. ධාන්‍ය ආනයන වියදම වැඩිවී ඇමරිකාවෙන් බලාපොරොත්තු වූ මූල්‍ය ආධාර නොලැබීමෙන් අය වැය පියවීම ප්‍රශ්නයක් විය.
1953 අගෝස්තු 7 දා 53/54 අය වැය ඉදිරිපත් කළ J.R. විශාල ලෙස මහජන සුභසාධන හා සමාජ ආරක්ශන ක්‍රම කප්පාදු කිරීමට යෝජනා කළේ ලෝක බැංකුවෙන් දෙන ලද උපදෙස් අනුවය. ( ලංකාව 1950 සිට ලෝක බැංකුවේ සාමාජිකත්වය ගෙන තිබුනි)
පාසල් දිවා ආහාර වේල
අනාථ ආධාර කපා හැර, ආහාර සහනාධාර 50% කින් අඩු කලේය. හාල් සේරුවක මිල ශත 25 සිට 75 දක්වා වැඩි විය. දුම්රිය , තැපැල් ගාස්තු වැඩිවිය. විශේෂයෙන්ම සාමාන්‍ය හා කම්කරු ජනතාව දැඩි පීඩනයකට පත් විය.
දිවයිනට පැමින සිටි ලෝක බැංකු නියෝජිත සර්. සිඩ්නි කේන් මෙය නිර්භීත අය වැයක් ලෙස ප්‍රශංසා කලේය.
ඇන්.ඇම්, කොල්වින්, පීටර් කෙනමන් ඇතුලු වාමාංශික නායකයින් හර්තාලයක් සංවිධානය කළේය . ඊට ශ්‍රී.ල.නි.ප ය, ලංකා ඉන්දියානු සංගමයේ සහයෝගය නොලැබුනි.
අගෝස්තු 12 විශේෂ දිනයක් විය, රටපුරා විරෝධතා , වැඩවර්ජන , ප්‍රචන්ඩකාරී ක්‍රියා, ගිනිතැබීම් , රාජ්‍ය දේපල විනාශ කිරීම් සිදුවිය. දෙමටගොඩ දුම්රිය මග හරස් කොට කාන්තාවන් ආප්ප පුච්චා හර්තාල්කරුවන්ට දුන් සිදුවීමක්ද අසා ඇත.
ආන්ඩුවේ ප්‍රතිචාරය ඊට වඩා දරුනු විය. පැය 24 ක් ඇතුලත පොලිසිය හා හමුදාව යොදා නිර්දය ලෙස මර්දනය කරනු ලබීය. දිනක් තුල කම්කරුවන් 29 දෙනෙකු ඝාතනය විය. ( නිදහස ලැබීමෙන් පසු ජනතා උද්ඝෝෂණයකට වෙඩි තැබීමට අණ දුන් ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත විය)
කැබිනට් මන්ඩලය හදිසිනීතිය පැනවීමට එදින රැස්වූයේ වරායෙන් ඈත නවතා තිබු H.M.S. නිව්පෞන්ස් නම් වූ ඇමරිකානු නෞකාවක සිටය.
සියල්ල පොලිස් රාජ්‍යක ස්වරූපය ගත්තේය . ඊට පිලිතුරු ලෙස ජනතාවද ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුනි. තත්වය බැරෑරුම් බව තේරුම් ගත් ඇන්.එම්. ඇතුලු පිරිස හර්තාලය අවසන් කරන ලෙස ආයාචනය කලේය. පැය 24 ඇතුලත හර්තාලය අවසන් විය.
ඉන් පසු කම්කරු පන්තියේ ආර්ථික අරගලය දේශපාලන අරගලයක් බවට පත්වී ඩඩ්ලි සේනානායක අගමැති ධූරයෙන් ඉවත්වී සර් ජෝන් කොතලාවල අගමැති විය. J.R. මුදල් ඇමති කමින් ඉවත්කර කෘෂිකර්මික ඇමති විය. හාල් සේරුව ශත 55 දක්වා අඩුවිය.
ලෝක බැංකු උපදෙස් මත ජතාව පීඩනයට පත්කළ එ.ජා.ප. ට වූයේ 1956 පැවති මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වී බණ්ඩාරනායක බලයට පත්වීමයි.
ජනතා මතය නොසලකා, ජනතා අවශ්‍යතා, අනුව ක්‍රියා නොකරන පාලකයන්ට පැවැත්මක් නොමැති බව ඉතිහාසය විසින් වරක් දෙවරක් නොව කීප විටක්ම ඔප්පුකර ඇත.
ධන ආර්ථිකයක සිට නිදහසින් අවුරුදු 5 කට පසු 1953 වන විට ඍන ආර්ථිකයකට රට ඇද දමා , අයුක්ති සහගත ලෙස ජනතාව පීඩනයකට පත්කර එයට එරෙහිවූ කම්කරුවන් මර්ධනකර ඝාතනය කලේය. 1953 න් පටන් ගත් ආර්ථික පල්ලම් බැසීම අදටත් එදාට වඩා වේගයෙන් සිදුවන බව එම මියගිය කම්කරුවන් නොදන්නවා ඇත.
වාමාංශික යයි කියා ගන්නා ඔවුන්ට අමතක වූ 53′ හර්තාලයේ දී දිවිදුන් කම්කරුවන් සැමට 70 වෙනි සැමරුමේදී මෙම සටහන උපහාරයක් වේවා.
(පුවත්පත් හා අන්තර්ජාල මූලාශ්‍ර වලින් උපුටා ගන්නා ලදී.)
– වෛද්‍ය ගාමිණී ජයවීර –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...