රට බෙදන, බුදු සසුන වනසන, වර්ගවාදයට උඩගෙඩි දෙන, විදෙස් බලවේගයන්ට රට පොරපිටියක් කරවන පළාත් සභා වලට පොලිස් හා ඉඩම් බලතල ලබා නොදිය යුතු බව දේශප්‍රේමී ජාතික බලවේගය පවසයි.
ආගමික නායකයන් හා ජනතාව දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ උතුරු හා නාගෙනහිර පළාත්වලට පරිභාහිරව දෙමළ ජනතාව අනෙකුත් ජාතීන් සමග සහජීවනයෙන් ජීවත්වන බවත් එහෙත් එම පළාත්වල ජීවත්වන සිංහල ජනතාවට එම අයිතිවාසිකම් නොමැති බවත්ය.
උතුරු නැගෙනහිර දෙපළාතේ ජීවත්වන සිංහල ජනතාවට පරිපාලන හා අධිකරණ කටයුතුවලදී සිංහල භාෂාව පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවත්, දකුණේ දෙමළ ජාතිකයන්ට ලැබෙන ආගමික අයිතිවාසිකම් කිසිවක් එම පළාත්වලදී බෞද්ධ භික්ෂුන් වහන්සේලාට හිමි නොවන බවත් එම නිවේදනයේ දක්වා තිබේ.
එමෙන්ම ජනාධිපතිවරයා බලය බෙදීමෙන් ලබාදීමට යන විසඳුම් කිසිවක් උතුරු නැගෙනහිර කුල පීඩිත ජනතාවට නොලැබෙන බවත්, එම බලය ලැබෙන්නේ එම දෙපළාතේ දේශපාලකයන්ට පමණක් බවත් එහි සඳන් වේ.
අදාළ නිවේදනය පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...