එක්සත් ජාතික පක්ෂ නව ව්‍යවස්ථාවට අනුව තනතුරු 04කට පක්ෂය සීමා කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව පක්ෂ නායක, මහලේකම්, සභාපති, භාණ්ඩාගාරික යන තනතුරු පමණක් පත්කර නියෝජ්‍ය නායක, උප නායක ඇතුළු මෙතෙක් තිබූ සෙසු තනතුරු අහෝසි වේ.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සකස් කළ නව ව්‍යවස්ථාව ලබන මස 10 වැනිදා එළිදැක්වීමට නියමිතය. අනතුරුව එය කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සම්මත කරනු ඇත.
පක්ෂයේ වෙනස් නොවන තනතුරුවල දැනට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, භාණ්ඩාගාරික ඒ. එස්. එම්. මිස්නා යන මහත්වරුන් කටයුතු කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...