මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා, තලේබාන් සහ අයි.එස් ප්‍රහාර එල්ල වීමේ අවදානම මධ්‍යයේ පාකිස්තාන මහ මැතිවරණය අද (25) ආරම්භ විය.
පාකිස්තාන ඡන්ද දායකයන් අද (25) උදෑසනින්ම ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මිලියන 106ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර පාකිස්තාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ ප්‍රධාන පරිපාලන පළාත් හතරේ සභා සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම වෙනුවෙන් මහ මැතිවරණය පැවැත්වේ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පී.ටි.අයි පක්ෂය සහ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පී.එම්.එල් – එන් පක්ෂය අතර දැඩි තරගයක් පවතී. නවාස් ෆරීස් දූෂණ චෝදනාවලට වැරැදිකරු වී මේ වනවිට සිර භාරයේ පසුවන අතර ඔහුට හමුදාවේ සහාය හිමිවන බවට නවාස් ෂරීෆ් සහ ඔහුගේ පක්ෂය චෝදනා කරයි. එම චෝදනා ප්‍රතික්ෂේප කරන ඉම්රාන් ඛාන් නවාස් ෂරීෆ් අපරාධකරුවකු බවත් ඔහුට කිසිවකුගේ සහාය හිමි නොවිය යුතු බවත් සඳහන් කරයි.
මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමේ දැඩි උත්සහායක් තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද මානව හිමිකම් සංවිධානය උපුටා දක්වමින් පාකිස්තාන මෙන්ම විදෙස් මාධ්‍යය ද වාර්තා කර තිබිණි.
මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 372,000ක් යෙදවීමට පාකිස්තාන බලධාරීන් කටයුතු කර තිබූ අතර ආරක්ෂක අංශ සාමාජිකයන් පුළුල් අධිකරණ බලතල ලබාදීමට ද පාකිස්තාන මැතිවරණ කොමිසම පසුගිය සතියේදී පියවර ගත්තේය.
ඒ.එෆ්.පී/රොයිටර්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...