සීනි බදු වංචාවට අදාළව ඊට වගකිවයුතු සමාගම්වලින් ආදායම් බදු මුදල් කඩිනමින් අයකර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එම බදු මුදල් අයකර ගැනීමෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
මේ සිද්ධියට අදාළව දේශීය ආදායම් දෙපාර්මේන්තුව සහ අදාළ නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස කරුණු සොයා බැලූ බව ද ඒ අනුව පවතින නීතිය යටතේ වංචාවට අදාළ සමාගම් මගින් ලබාගත් අධික ලාභයට එම සමාගම් මගින් ආදායම් බදු අයකර ගැනීම පමණක් කළ හැකි බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...