දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුදුන්වහන්සේට කළ අපහාසයට සමාව ගැනීම සඳහා කළ යුත්තේ ඕමල්පේ සෝභිත හිමියන් හමුවීමට දෙමාපියන් යැවීමට නොව බුදුන්වහන්සේගෙන් සමාව ගැනීම බව ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ ප්‍රකාශ කරති.
මෙය ලංකාවට බැන ඉන්දියාවෙන් සමාව ගැනීමක් වැනි ක්‍රියාවක් බවත්, බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික නායකයන්ට අපහාස වන ලෙස චෝදනා එල්ල කළේ ජෙරම් ප්‍රනාන්දු බවත්, සෝභිත හිමියන්ගෙන් සමාව ගැනීමට පැමිණි ජෙරම්ගේ දෙමාපියන් කිසිම අවස්ථාවක බුදුන් වහන්සේට අපහාස කළ බවට සඳහන් නොකළ බවත් ගුණවංශ හිමියෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් කතා කිරීමට තමන් වහන්සේ හමුවීමට අවශ්‍ය බවට ඉහළම පිරිස් කතා කළ බවත් එම පිරිස්වලටද ධර්මායතනය පැත්ත පළාතේ නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවත් උන්වහන්සේ සඳහන් කරති.
ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නඩු පැවරීම කර ඇත්තේ තමන් ඇතුළු ආගම් කිහිපයක නායකයන් බවත් එම නඩුවේ පාර්ශ්වකරුවන් ලෙස ඕමල්පේ සෝභිත හිමියන් නොමැති බවත් ගුණවංශ හිමියෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...