මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙක් ඉන්දියාව, නේපාලය සහ ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ‘දිවයින‘ සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම් නීත්‍යානුකූලව මෙරට පොලිසියට තහවුරු කර නොමැති බව ද වාර්තා වේ.
මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන ගනේමුල්ලේ සංජීව සහ ගොත අසංක යන අය ඉන්දියාවේ සිට නේපාලයට පලායද්දී නේපාල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, මොහොමඩ් සිද්ධික් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඉන්දියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.
ලලිත් කන්නනංගර නමැති පාතාල අපරාධකරු ඩුබායි ගුවන් තොටුපළේදී ඊයේ අත්අඩංගුවට පත්ව ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...