රජයේ රෝහල්හි පවතින විශේෂඥ වෛද්‍ය හිගය පියවීමට විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය යළි ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
මෙය කෙටි කාලීන පියවරක් ලෙස අනුගමනය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.
එසේම පිට පළාත්වල රජයේ රෝහල්හි විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින හිගය නැති කිරීම සඳහා දැනට එහි සේවය කරන විශේෂඥ වෛද්‍යවරුනට වයස 63 දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා ඇතැයිද ඒ මහතා සදහන් කරයි.
කිසියම් රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක් වයස 63 සම්පූර්ණ කර විශ්‍රාම ගිය විට එම් අඩුව පිරවීමට වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙක් එම රෝහලට නොපැමිණෙන්නේ නම් කොන්ත්‍රාත් පදනම මත එම විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරයාට තවදුරටත් සේවය කළ හැකි යැයිද ඔහු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...