දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) අලුයම දිවයිනෙන් පිටත් ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් අද අලුයම සිංගප්පුරුව බලා පිටත්ව ගිය බවත් වාර්තා වේ.
ජනාධිපතිවරයා සිය සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං ඇතුළු එරට රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්ය.
පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද මෙහිදි අත්සන් තැබීමට නියමිතව තිබේ.
සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි පැවසෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...