ක්‍රීඩා කරන කාලේ මමත් නායකයෙක් වෙලා සිටියා. එතැනදී අපි දකින දෙයක් තමයි පුද්ගලයෙක් නායකයෙක් කරන්න බොහෝ අය මහන්සි වෙනවා. අපිත් බොහෝම අමාරුවෙන් නාකයෝ හදාගෙන තැනකට ගෙනාවා. නමුත් ඒ අය වටා ගොනු වෙන්නේ පසුගිය කාලේ හොරකම් කළ දූෂිත පුද්ගලයින්. අන්ත එතැන තමයි ඒ නායකයින්ගේ පිරිහීම පටන් ගන්නේ. ඒ තත්ත්වය අපි අත්දැකීමෙන් දැක්ක දෙයක්. අමාත්‍යවරයකේ ලෙස අපිත් වැරදි පුද්ගලයෝ ආශ්‍රය කළොත් තමයි අපේ තත්ත්වය නැති වෙන්නේ. ඇත්තටම පුද්ගලයෙක් තැනකට ගේන්න, නායකයෙක් කරන්න මහන්සි වෙන අය නෙමෙයි ඒ නායකත්වය නැති කරන්නේ. බොහෝම අමාරුවෙන් අපි නායකයෝ හදාගෙන තැනකට ගෙනාවාම දූෂිත හොරකම් කරන පුද්ගලයින් ඒ නායකයා, නායකත්වය විනාශ කරලා දානවා. එතොකොට මගේ ලේකම්තුමා උපාලි මාරසිංහ මහතා කිව්වා පෙබරවාරී මාසයේදී විශ්‍රාම ගන්නවා කියලා. එතකන් ඔබතුමාටත් මටත් එකට වැඩ කරන්න අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා….”යි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
මේ බව කියා සිටියේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා රචිත “ඵලදායී රාජ්‍ය ආයතන” හා “ඉදිරිපත් කිරීමේ කුසලතා” යන කෘති ද්විත්වය දොරටවැඩීමේ උත්සවයට සහභාගි වෙමිනි. එම උත්සවය 24වැනිදා සැදෑ කාලයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිඳ ශාලාවේදී පැවැත්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ රාජ්‍ය ආයතන පෞද්ගලික කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.
“රාජ්‍ය ආයතන පෞද්ගලික කරනව නම් ඒ කරන්නේ රාජ්‍ය ආයතනවල සිටින අයගේම දුර්වලතා සහ නොසැළකිලිමත්කම හින්දා කියන එක ඉතාමත් වගකීමකින් මම කියනවා. රාජ්‍ය පරිපාලනයේදී රාජ්‍ය නිලධාරීන් ලෙස තීරණ ගන්නබි බය වෙන්න ඕනේ නැහැ. රටක් වෙනුවෙන් හිතලා හරි තීරණ ගන්නකොට අපිට කවදාවත් වරදින්නේ නැහැ. අද රාජ්‍ය අංශය පසුගිය කාලේ වූ දේශපාලන බලපෑම් සමඟ ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්ව තියෙනවා. සමහර නිළධාරීන් තීරණ ගන්න බයයි. නමුත් අපිට ඒ අයට ඒ ගැන දොස් කියලම බැහැ. නමුත් අනිත් පැත්තෙන් බැලූ විට පහුගිය කාලේ කියපු දේ කලේ නැතිවුණාම ඊට පහුවෙනිදා රාජ්‍ය නිලධාරීයා ගෙදර යන තත්ත්වයක් තිබුණා. අද එය අපි වෙනස් කර තිබෙනවා…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ රාජ්‍ය ආයතනවල ඵලදායිතාව ඉහළ නැංවීමේදී ආයතන ප්‍රධානියාට ඉහළ වගකීමක් පැවරෙන බවයි.
“රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් රාජ්‍ය පරිපාලනයට පැමිණෙන්නේ විවිධ පරිසරවලින්. ඔවුනට පරිසරය අනුව උරුම වූ සංස්කෘතීන් තියෙනවා. ආකල්ප තියෙනවා. විවිධ මතිමතාන්තර තියෙනවා. ඒ සේරමත් සමඟ රාජ්‍ය සේවයට පැමිණියත් රාජ්‍ය සේවයට උරුම වූ සංස්කෘතිය, රාජ්‍ය සේවයේ මතිමතාන්තර, රාජ්‍ය සේවයේ ක්‍රමවේදය සමඟ එක් වෙන්න රාජ්‍ය නිලධාරීයාට සිදු වෙනවා. එහෙම නොවුණොත් රාජ්‍ය නිලධාරීයා ලිහල දාපු හරක් රෑනක් වගේ. ඒ නිසා මා ලියූ ග්‍රන්වලින් අපිට පුලුවන් ආයතන ප්‍රධානීන් පත්වෙනකොට තමන්ගේ ආයතනය මොන විදිහට පෙළගස්වන්න පුලුවන්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලබාගන්න…..”යිද උපාලි මාරසිංහ මහතා පැවසීය.
උත්සව සභාවට හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලෙහි සභාපති මහින්ද මඩිහහේවා, ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, ගරු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්ද සහභාගි වූහ.
– තමීර මංජු
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...