දේශීය පුවත්

කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා නීතිය අතට ගනිමින් ඇල්කඩුව වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරිවරයා වන සුරේෂ් නවරත්නම් මහතාට තර්ජනය කර ඇති අතර, එසේ තර්ජනය කර ඇත්තේ දමිළ ජනතාවට එම ඉඩම් අල්ලා ගැනීමට ඉඩ ලබාදිය යුතු යැයි පවසමින් බව වාර්තා වේ.

එමෙන්ම ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ “මට නීතිය වැඩක් නැති” බවය.

මෙහිදී තවදුරටත් ඔහු තර්ජනාත්මකව පවසා ඇත්තේ උප වතු අධිකාරී වන අනුරාධ විතානගේව එම ස්ථානයට වහාම ගෙන්වන ලෙසත් , එසේ නොපැමිණියහොත් තමන් එම ස්ථානයෙන් පිටත්ව නොයන බවටත් ය.

අනතුරුව ඔහු එම ස්ථානයට පැමිණීමෙන් පසු සමාන්‍ය අධිකාරීවරයාව වහාම අයින් කරන ලෙස සභාපති වන සුමිත් ජයරත්න මහතා හට නියෝග කර තිබේ.

මෙම සිදුවීමේ දී කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සමඟ මෙම වත්තේ වැඩ නොකරන 100 ක් පමණ ප්‍රචණ්ඩකාරී දමිළ ජාතිකයින් පිරිසක් ද පැමිණ ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More