පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබ ඇති බව වාර්තා වේ.
නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා නිලධාරින් ද සමග පිටත් වී ඇති අධිකරණ කාර්ය මණ්ඩලය මුහුදු සැතපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් මෙම ආයුධ තොගය ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර ඇත.
ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝග පරිදි අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ, අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය, නඩු භාණ්ඩ භාරකාරිණීය ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව මෙම අවි ආයුධ තොගය ගිල්වා විනාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...