දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ආරම්භ කළ 2015 කාල සීමාවේ දීත් රටේ දේශපාලනය තුළ බෙදුම්වාදී න්‍යායපත්‍රය ක්‍රියාත්මක වෙමින් පැවතුන බවත්, එම කාලසීමාවේදීත් නායකත්වයේ සිටි වර්තමාන ජනාධිපතිවරයා  බෙදුම්වාදය පෝෂණය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූ බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ශාමින්ද්‍ර වික්‍රමආරච්චි මහතා පවසයි.

එම ඉතිහාසයම නැවත වරක් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවද, 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක වුවහොත් එය ඓතිහාසික වැරැද්දක් මෙන්ම නැවත කිසිදා නිවැරැදි කිරීමට නොහැකි වන බරපතළ වරදක් වන බවත් ඒ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම පිළිබඳව තම මතය ඉදිරිපත් කිරීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

උතුරේ දෙමළ ජනතාව කිසිම විටක දී බලය බෙදීමක් අපේක්ෂා නොකරන බවද, කුල පීඩනයෙන් අසරණ වූ එම ජනතාවට අද අවශ්‍යව ඇත්තේ යහපත් සමාජීය හා ආර්ථික ජීවන ක්‍රමයක් පමණක් බව පැහැදිලි වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More