දේශීය පුවත්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුදු දහමට අපහාස කිරීමේ සිද්ධියට ඔහුගේ මව, කෝටි වාරයක් සමාව අයැද සිටිය ද එය නීතියෙන්ම පිළිතුරු ලැබිය යුතු ප්‍රශ්නයක් බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

බුදු දහම පිළිබඳව අවබෝධයක් නොමැතිව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා එම ප්‍රකාශය කළ බව පවසනවා නම් ඔහු නොදන්නා බුදු දහම විවේචනය කරන්නේ කෙසේදැයි යන්න ගැටලු සහගත බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

මෙය කිසිසේත්ම අත්වැරදීමක් නොවන බවත්, එසේ සිදුකළේ ඒකාන්ත වශයෙන්ම බුදුදහමට නින්දා අපහාස කිරීමේ අරමුණෙන් බව පැහැදිලි වන බවත් උන්වහන්සේ අවධාරණය කරති.

දේවගැතිවරයාගේ මවුපියන් ඉදිරියට දමා මෙවැනි සමාව අයැදීමක් සිදුකරනු ලබන්නේ හුදී ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමට බවද හෑගොඩ විපස්සි හිමියෝ සඳහන් කරති.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා බුදුදහමට අපහාස කරමින් ප්‍රකාශයක් සිදු කළේ මහා ධනස්කන්දයක් වැයකොට වේදිකා තනා ජනතාව ඒකරාශී කරමින් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වී සැලසුම් සහගතව බව උන්වහන්සේ  පෙන්වා දෙති.

මෙවැනි අපහාස කිරීම්වලට නීතියෙන් දඬුවම් ලැබිය යුතු අතර, එසේ නොකළ හොත් මෙරට තුළ ආගමික ගැටුම් හා ආගමික කල්ලි නිර්මාණය වන බවද හෑගොඩ විපස්සි හිමියෝ වැඩිදුරටත් පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More