දේශීය පුවත්

පවතින වියළි කාලගුණය හේතුවෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 46,000 ඉක්මවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදුකළ නවතම තක්සේරු වාර්තාවට අනුව ඊයේ වනවිට හානියට පත්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 46,904.54කි.

වගා හානියෙන් ගොවීන් 41,402 ක් අගතියට පත්ව තිබේ.

වැඩිම බලපෑම් එල්ල වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 23,286 කට විනාශ වී ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 27,904කි.

දෙවැනියට වැඩිම වගා හානියක් සිදුව ඇත්තේ උඩවලව කලාපයටය.

එම කලාපයේ කුඹුරු අක්කර 14,667 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 5,867කි.

වී වගාවට පමණක් නොව සෙසු බෝග වගාවන්ටත් වියළි කාලගුණය හේතුවෙන් දැඩි බලපෑම් එල්ලකර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More