දේශීය පුවත්

මේ වසරේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ප්‍රතිඵල සියයට අනූවක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස එම පළාතේ සියලු ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

සියයට අනූවේ ඉලක්කයට ළඟා වන සියලු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වෙත 2023 වර්ෂයේ විශේෂ දීමනාවක් ලබා දෙන බව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

සේවා කාලය තුළ එක් වරක් පමණක් ලබා දෙන මෙම විශේෂ දීමනාව වැටුප් වර්ධක තුනකට ලබාදෙන බවත්, මීට අමතරව එම විදුහල්පතිවරුන් වෙත ප්‍රමුඛත්ව සේවා ප්‍රවේශ පතක් (Service priory access card) ලබාදෙන බවත් හෙතෙම දැනුම් දී තිබේ.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ සමත් ප්‍රතිශතය සියයට අනූවක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය අත්පත් කර ගන්නා තෙක් වැටුප් වර්ධකය අත්හිටුවීමේ තීරණය ක්‍රියාත්මක වන බව ද එහි දක්වා ඇත.

ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසටත්, දැනුවත් කිරීම් සිදුකරන ලෙසටත් පළාත් අධ්‍යාපන ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී දින දහයකට වඩා ගත වුව ද ඇතැම් කලාප අධ්‍යක්ෂවරුන් මේ දක්වා විදුහල්පතිවරුන් දැනුවත් කර නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ.

මධ්‍යම පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රගතිය මේ මස 25 දින හෝ ඊට පෙර තමාට වාර්තා කරන ලෙස ද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එමගින් දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More