තමන් වගකීම දරන රජයේ වතුයායේ සේවකයෙකු හෝ ගම්වැසියෙකු නොවන අයෙක් අනවසර ඉදිකිරිමක් සිදුකර ඇති බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අනවසර නිවස තැනූ පුද්ගලයා විසින්ම එය කඩා ඉවත් කරගන්නා බවට පොලීසියේ දී ඔහු සහතික වී ඇත.
පොරොන්දු වූ පරිදි අනවසර ඉදිකිරීම කඩා ඉවත් නොකර දේශපාලන හයිය ඇති මෙම පුද්ගලයා අවශ්‍ය නම් සාමාන්‍ය අධිකාරි වරයා විසින්ම එය කඩා ඉවත් කර ගන්නා ලෙසට නොහොබිනා බසින් කියා ඇති බවට වතු සභාපතිවරයාද දැනුවත් කර තිබී ඇත.
රජයේ ඉඩම් (භූමියට) වගකිවයුතු සාමාන්‍ය අධිකාරිවරයා ලෙස අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු කිසිවකු පදිංචිව නොසිටි බවට ගම්වැසියන් විසින්ද තහවුරු කරන මෙම ඉදිකිරීම කඩා ඉවත් කිරීමට කටයුතු කර ඇත.
තම රැහේ 225න් එකෙක් වෙනුවෙන් සත්‍ය වසන් කරමින් රටම නොමග යැවු ඉහත කී සිදුවේමේදි දේශපාලන බලය, නීතිය අවභාව්තා කරම්න් සත්‍ය විකුර්ති කරම්න් තීතියට ඉහලින් ක්‍රියාත්මකවන මේම දේශපාලනයට එරෙහි සියලු පිරිස් පක්ශ පාට නොබලා එකම කදවුරක සිටගතුමය.
තම අමාත්‍ය ධූරයට පත් වූ පසු පළමු වරට එහි පැමිණි තොන්ඩමන් ඇමතිවරයෙකු ලෙස නොව මැරයකු ලෙස ක්‍රියාකළ ආකාරය මාධ්‍ය තුළින් අපට දැකගැනීමට හැකි විය, සත්‍යය තහවුරු කරගෙන හෝ නොකර මැදිහත්වීය යුත්තන් සාමාන්‍ය අධිකාරිවරයාට වරද පටවන්නේ එළැඹෙන මැතිවරණයකදී තොන්ඩමන්ගේ ඡන්ද කුට්ටිය ලබා ගැනීමටය.
තමන් වෙතින් බැහැර වන පිරිස සහ ඡන්දය රැක ගැනීම සඳහා තොණ්ඩමන් මෙන්ම උතුරු නැගෙනහිර ජාතිවාදී දේශපාලනඥයින් රජයට අයත් ඉඩම් බෙදා දෙමින් තම ඡන්ද ගොඩ වැඩි කර ගැනිමට ජාතිවාදය වපුරන්නේ නැගෙනහිර රක්ෂිතය වනසා බදුර්දීන් තම ඡන්ද ගොඩ වැඩි කර වැඩිකරගැනීමට ඉඩම් බෙදා දුන් ආකාරයටමය.
ලක්මව අනතුර යැයි, හඬා වැටුනු සෑබෑ අරගලය මංකොල්ලකෑ ව්‍යාජ අරගල කරුවන්ගේ ජාතිමාමකත්වය දේශපාලන බලය අව භාවිතා කරන මෙවැනි අවස්ථාවන්හිදී වත් අවදි නොවීම පුදුම සහගතය.
– ශර්මිලා ගෝනවෙල –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...