දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන චිත්‍රපට හයක් සඳහා මූල්‍යාධාර ලබා දී ඇතැයි ලයිකා සමූහ ව්‍යාපාරයට අයත් ලයිකා ප්‍රඩක්ෂන් (Lyca Productions Sri Lanka) සමාගම සඳහන් කර ඇත.

මැදපෙරදිග, යුරෝපය සහ උතුරු ඇමරිකාවේදී මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

නිෂ්පාදනය කිරීමට නියමිත චිත්‍රපට හයෙන් පහක් සිංහල වන අතර, එකක් දෙමළ භාෂාවන්ගෙන් නිර්මාණය කෙරෙන බවත්, ලයිකා සමූහයේ චිත්‍රපට බෙදාහැරීමේ නාලිකාව හරහා ශ්‍රී ලාංකීය චිත්‍රපට මැදපෙරදිග, යුරෝපීය සහ උතුරු ඇමරිකානු ප්‍රේක්ෂකයන් වෙත ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවන බවත් ලයිකා ප්‍රඩක්ෂන් සඳහන් කර තිබේ.

ලයිකා ප්‍රඩක්ෂන් විසින් නිෂ්පාදනය කෙරෙන චිත්‍රපට හය අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රියන්ත කොළඹගේ සහ චන්න පෙරේරා විසින් අධ්‍යක්ෂණය කර ඇත.

පසුගිය වසරේ ලයිකා ප්‍රඩක්ෂන්හි තෙළිඟු භාෂා RRR (2022) චිත්‍රපටය මේ දක්වා ඉන්දියාවේ වැඩිම ආරම්භක දින ආදායම ඉපැයූ චිත්‍රපටය බවට පත් වී ඇති බවද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More