මෙරට අර්බුද සියල්ල ඇති වීමට ප්‍රධාන හේතුව වුයේ චෝදනා දෙකකට පිළිතුරු ලබාදීම පාලකයන් විසින් මගහැරීම නිසා බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා පැවසූවේ එම චෝදනා දෙකෙන් එකක් වන්නේ රාජපක්ෂවරුන්ට එල්ල වූ හොර නාමයෙන් ගැලවීමට ඔවුන් උත්සාහ නොකිරීම බවයි.
රාජපක්ෂවරුන්ට එල්ල වූ හොර නාමයෙන් ගැලවීමට ඔවුන් උත්සාහ නොකිරීම මෙන්ම එය මගහැර සිටීම මගින් 69 ලක්ෂයක ජනතාවගේ ප්‍රාර්ථනා බිඳවැටුනු බවත්, එමගින් ‘ගෝඨා ගෝ හෝම්‘ යන අරගල පාඨ නිර්මාණය වී රටම ආගාධයට වැටුනු බවත් යසස් ධර්මදාස මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
දෙවැනි චෝදනාව වන්නේ 2015 දී වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා වශයෙන් පත්වී, මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව විසින් එදා රණ විරුවන් යුදඅපරාධ කරුවන් බවට පිළිගැනීමට සැලැස්වීම හා ඔවුන්ට දඬුවම් ලබාදීමට ඉදිරිපත් වීමේ චෝදනාව බව යසස් ධර්මදාස මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...