දේශීය පුවත්

හිරු මාධ්‍ය නාලිකාවේ සංවාදයකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවැත් වූ සංවාදයක දී ඒ මහතා විසින් ඉදිරිපත් කළ තොරතුරුවල අඩංගු  ඇතැම් කරුණුවල නිවැරදි වීම් ඇති බවත්, උතුරේ දෙමළ ජනතාවගේ වහල්භාවය සූක්ෂම ලෙස අදටත් සඟවා තැබීමට උතුරේ දේශපාලකයන් කටයුතු කර ඇති ආකාරය පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස එම නාලිකාවෙන් ඉල්ලා සිටින බවත් දන්වමින් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා තම මුහුණු පොතේ සටහණක්  තබා තිබේ.

අදාළ සටහන පහළින්…

“මෙරට නීතිය පිළිබද හසල දැණුමක් ඇති පුද්ගලයන් කිහිපය අතර ඉහලින්ම සිටින අධිකරණ අමාත්‍ය ආචාර්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගෙ නීතිය පිළිබද දැණුම පිළිබද අභියෝග නොකරන අතර, තේසවලාමේ නීතිය 1901 නොව 1707 දී ලන්දේසි පාලන සමයේ නීතිගතවූ බව නිවැරදි විය යුතුය. එසේම එහි 8 වන පරිච්ජේදයේ මෙරට නීත්‍යානුකූල වහල්භාවය පිළිබද සදහන් අතර එය 1707 සිට වසර 137 ක් මෙරට උතුරු ප්‍රදේශයේ නීතියක්ව පැවති බව සිහි කරමි. එය යුරෝපයේ හා විශේෂයෙන්ම ඇමරිකාවේ පැවති වහල්බාවයට සමාන හෝ ඊට එහා ගිය තත්වයක් බව අද සමාජයෙන් ඉතා සූක්ෂමව වසන් කොට ඇත. එහි පීඩාව අදටත් එම අඩු කුලයේ යැයි සදහන් පරම්පරාවල ජනතාව විදින බවටත් උතුරු නැගෙනහිර ප්‍රශ්ණයට විසදුමක් ලබාදීමට යෑමේදී පාර්ලිමේන්තුව නියෝජනය නොකරන එහෙත් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකගේ හඩ නියෝජනය නොවන බව පිළිගැනීම පිළිබදව එතුමාට නැවත වරක් ස්තූතිවන්ත වෙමින් මෙහි අපැහැදිළි තැන් සාක්ෂි සහිතව පැහැදිළි කිරිමට අවස්ථාවක් ලබාදෙන ලෙස හිරු නාලිකාවෙන් ඉල්ලා සිටිමි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More