හම්බන්තොට වරාට චීනයට ලබාදී මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට ලබා දෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් ඇති නොවීම සඳහා සමබර කිරීමට බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.
හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ඉදිකිරීම නිවැරදි තීරණයක් බවත් එහෙත් එය කිසිඳු සැලැස්මකින් තොරව ඉදි කිරීම ගැටළුවට මුල්වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හම්බන්තොට වරාය ඉදිකරන අවස්ථාවේම නැව් සඳහා ඉන්ධන සැපයීම ආරම්භ කළේ නම් හම්බන්තොට වරාය අද කාර්ය බහුලම වරාය බවට පත්වන බවද අමාත්‍යවරයා පැවසීය.
නැව් සඳහා ඉන්ධන සැපයීම ආරම්භ කළහොත් එහි ආදායම ලැබෙන්නේ චීනයට බවත් එහි විදේශ විනිමය ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මත්තල ගුවන්තොටුපල සඳහා මිලියන 26500 ක් වියදම් කර ඇති බවත් මත්තල ගුවන්තොටුපල සාදන අවස්ථායේදීම නිදහස් වෙළඳ කාලාපයක් සැදුයේ නම් මත්තලට ගුවන් යානා පැමිණෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...