ඓතිහාසික කුරුන්දි විහාරය ගැන ලියැවුණු “කුරුන්දි විහාර වංසය” පිළිබඳ ශාස්ත්‍රීය සම්භාෂණයක් අද අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේදී පවත්වා තිබේ.
භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහෝපාධ්‍ය ජ්‍යේෂ්ඨ මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන නායක ස්වාමීන්වහන්සේ මුලසුන දැරූ මෙම උත්සව සභාවේ දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමි සහ රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨාධිපති මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා දේශන පැවැත්වීම සිදුකර ඇත.
කුරුන්දි විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි හිමියන් සහ පොතේ සංස්කාරකවරු අතින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් සඳහා කෘතිය පිරිනැමීම ද මෙහිදී සිදුව ඇති අතර, ඒ සඳහා අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරාධිපති වල්පොළ පියනන්ද නායක ස්වාමීන්වහන්සේ විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...