දේශීය පුවත්

යාපනයේ පෘතුගීසී බලකොටුව තුළට යුද හමුදාව අලුතින් පැමිණීමට කිසිදු අවශ්‍යතාවක්‌ නැතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය.

පෙරේදා (24 වැනිදා) යාපනයේ මාධ්‍ය සමාජයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්‌වෙමින් ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය. යාපනය කොටුවට පමණක්‌ නොව උතුරේ කිසිදු ස්‌ථානයකට මේ අවස්‌ථාවේදී යුද හමුදාව අලුතින් යෙදවීම අවශ්‍ය නොවන බවද හෙතෙම කීවේය.

යාපනයේ කොටුව පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික ස්‌ථානයක්‌ද බැවින් ඊට යුද හමුදාව යෙදවීමේ කිසිදු අවශ්‍යතාවක්‌ නැතැයි කී ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා යාපනයට පැමිණි අග්‍රාමාත්‍යවරයා යළි කිසිම දිනක යුද්ධයක්‌ නො එන බව ප්‍රකාශ කොට තිබියදී අලුතින් යුද හමුදා කඳවුරු පිහිටුවීමේ අවශ්‍යතාවක්‌ නැතැයිද සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය යළිත් යුද්ධයක්‌ නො එන බවට විශ්වාසයකින් පසු වෙද්දී උතුරේ සිටින හමුදාව ඉවත් කොට මහජන ආරක්‌ෂාව පිණිස පොලිසිය යෙදවිය යුතුව තිබියදී යාපනයේ කොටුව තුළ යුද හමුදා කඳවුරක්‌ පවත්වාගෙන යැම අනවශ්‍ය ක්‍රියාවක්‌ බවද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More