දේශීය පුවත්

සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩ වෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය දෙවන වරටත් අද විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලං කාර නාහිමියෝ පවසති.

1954 අවධියේ සිට පාලකයන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිබිල ගෙවීමකින් තොරව නිදහස් කර ඇති අතර මේ වසරේ දෙවැනි වරටත් මෙම විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අලි, කොටි, ගහන වලසුන් මැද වැඩ වාසය කරන තම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද රාහුලාලංකාර නා හිමියන් වැඩිදුරටත් පවසති.

රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් ගෙවීමට තිබෙන මෙම විදුලි බිල දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කිසිසේත්ම ගෙවීමට තරම් ආධාර, මුදල්, නොලැබෙන බවත්, වෙනත් විහාරස්ථානවලට මෙන් තම විහාරස්ථානවලට ආධාර පරිත්‍යාග නොලැබෙන බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පෙර පාලකයන් මෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය විදුලි බිල නිදහස් කර දෙන ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් මෙන්ම විදුලි බල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More