රුසියාව, චීනය ඇතුළු බ්‍රික්ස් සංවිධානය මගින් ලෝකයේ අනාගතය වඩා යහපත් පරිවර්තනීය වෙනසක් සිදුකරමින් පැවතුන ද, එහි ප්‍රතිඵල ලැබීමට තවත් කාලයක් ගතවන බවත්, එවැනි සුබවාදී දේ ලෝකයේ නිර්මාණය වෙමින් පැවතුන ද එහි ප්‍රයෝජනය මෙරටට අත්පත්කර ගැනීමට හැකි වෙයිද යන්න සැක සහිත බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
එම ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා මෙරට දේශපාලන ව්‍යාපාරයක් දියත් වී නොමැති බවද, මෙරට බොහෝ දෙනෙකු විසඳුම් බලාපොරොත්තු වන්නේ ද රටේ අර්බුදය නිර්මාණය කළ පුද්ගලයන්ම බවද ඒ මහතා පවසයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ(24) දින කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී පැවති ‘ලෝකයේ අර්බූදය සහ අපේ අර්බූදය‘ නව ගෝලීය ප්‍රවනතා තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳ විද්වත් සාකච්ඡාවට එක් වෙමිනි.
ආනයන දිරිමත් කිරීම හරහා රටේ නිෂ්පාදනකරුවන් හා කර්මාන්ත දිනෙන් දිනම කඩාවැටීමට ලක්වෙමින් ඇති බවත්, රැකියා අහිමි වීම්, ව්‍යාපාර බිඳවැටීම් තව තවත් වර්ධනය වෙමින් ඇති බව හා බරපතළ ආහාර අර්බුදයකට මුහුණ දීමට ද ඉදිරියේදී සිදුවන බවද මෙවැනි වාතාවරණයක් තුළ ඉදිරියේ දී මෙම අර්බුදය පුපරායන තැනට පත්වන බවද ඒ මහතා මෙහිදී පැවසීය.
සමාජය බිඳවට්ටවා රාජ්‍ය අත්පත්කර ගැනීමේ මීළඟ අධිරාජ්‍යවාදී මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මෙම පසුබිම තුළ බවද, ඒ තැනට රට පත්කිරීම ක්‍රමානුකූලව සිදුකරමින් පවතින බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...