උතුරු පළාතේ සංවර්ධන කටයුතු සහ වර්තමාන ජනජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවත්, උතුර සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත් ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි ජේ. චංග් මහත්මිය පවසයි.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී ඇය මේ බව පැවසුවාය.
උතුරු පළාතේ වර්තමාන තත්වය පිළිබඳ ආණ්ඩුකාර තුමිය විසින් තානාපතිතුමිය දැනුවත් කළ අතර එහිදි නැවත පදිංචි කිරීම් කෘෂිකාර්මික කටයුතු ධීවර හා සංචාරක කටයුතු ඇතුලු ජනතාවගේ පොදු යටිතල පහසුකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළාය.
යුද්දය නිමාවීමෙන් පසුව ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක වූ වැඩපිළිවල පිලිබඳව ආණ්ඩුකාර තුමිය විසින් කරුණු පෙන්වා දුන් අතර මෙහි දී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතින ප්‍රකාශ කළේ වර්තමානයේ උතුරු පළාතේ ජනතාවගේ දෛනික කටයුතු මෙන්ම සංවර්ධනය පිළිබඳව තමා සෑහීමකට පත්වන බවටත් උතුරු පළාතේ ආණ්ඩුකාර තුමිය ලෙස දෙවන වරටත් පත්වීම පිළිබඳව තමන් සුභ පතන බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...