දේශීය පුවත්

රුපියල් කෝටි 7කට වැඩි රත්රන් කිලෝ තුනක් සහ  ජංගම දුරකතන තොගයක්  නීති විරෝධීව රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රිරි රහීම් මහතා ගැන ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට  දැනුම්දී  ඒ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (25)  ඉල්ලා තිබේ.

රහීම්  මහතා මෙම රත්රන් සහ  ජංගම දුරකතන  පාර්ලිමේන්තු වරප්‍රසාද සහ සිය  රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවභාවිතා කරමින්  නීති විරෝධීව කටුනායක ගුවන් තොටුපළේ  ප්‍රභූ පර්යන්තයෙන් 2023 මැයි 23 දින මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මෙම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75 ක දඩ මුදලක් නියම කරමින් රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කෙරුණු  බවත් සභානායකවරයා පවසා තිබේ.

මන්ත්‍රීවරයා මන්ත්‍රී චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කර ඇති බැවින් සහ  මහජන නියෝජිතයකු වශයෙන් මහජන විශ්වාසය කඩකර ඇති හෙයින් මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ සහ  නියෝජනය කරන සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවද  සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙහිදී සඳහන්කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More