දේශීය පුවත්

1991 දී සෝවියට් දේශයේ බිඳවැටීමත් සමග ලෝකයේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වූ බවත්, බටහිර රාජ්‍යයන් ඒ මොහොතේ සිටම උත්සාහ දැරුවේ ලෝකයේ ආධිපත්‍ය තමන් යටතේ තබා ගැනීමට බවත් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බටහිර විසින් තමන්ට වාසි සහගත ඕනෑම දෙයක් සිදුකරන පසුබිම තුළ ලෝකයේ කුඩා රාජ්‍යයන් ඔවුන්ගේ ග්‍රහණයට නතුවී තැලී පොඩි වී යන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ(24) දින කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී පැවති ‘ලෝකයේ අර්බූදය සහ අපේ අර්බූදය‘  නව ගෝලීය ප්‍රවනතා තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳ විද්වත් සාකච්ඡාවට එක් වෙමිනි.

අමෙරිකාව ප්‍රමුඛ මෙම බටහිර ආධිපත්‍යයෙන් ගැලවීම පිණිස අද ගොඩනැගෙමින් පවතින බ්‍රික්ස් සංවිධානය පිළිබඳව ද ඒ මහතා මෙම විද්වත් සාකච්ඡාවේ දී කරුණු සඳහන් කළේය.

එමෙන්ම ඉන්දියාව අද සඳට රොකට් යවන්නේ ද එදා රුසියාවෙන් ලබාදුන් තාක්ෂණික දැනුම නිසා බවද පෙන්වා දුන් ඒ මහතා, අද අප්‍රිකානු කලාපය තුළ ඇති වී තිබෙන නව පිබිදීම පිටුපස සිටින්නේද රුසියාව බවද පෙන්වා දෙන ලදී.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More